Saturday, August 16, 2014

Unicode - Whats new

සිංහල යුනිකෝඩ් ක්‍රමය පිළිබඳ උනන්දු ඔබ සැමට මෙම ලිපිය වැදගත් වනු ඇතැයි සිතමි.

අප සැම දන්නා පරිදි සැමට සිංහලෙන් නිවැරදි ව යතුරු ලියනය කළ හැකි පහසු ම ආකාරය වනුයේ යුනිකෝඩ් (Unicode) ආකාරයයි. සිංහලෙන් යතුරු ලියනය කළ හැකි වෙනත් ආකාර බොහොමයක් තිබුණ ද යුනිකෝඩ් ක්‍රමයේ ඇති වාසි ඒ සැමට වඩා වැඩි යැයි සිතමි.

මෙම ලිපිය ලියන මා ද මින් පෙර භාවිත කළේ වෙනත් ආකාරයක් වුව ද, පහත සඳහන් හේතු නිසා මා යුනිකෝඩ් ක්‍රමයට පිවිසීමට තීරණය කළෙමි.

  1. සිංහල අකුරු ඉතා නිවැරදි ව, දර්ශනීය ලෙස මෙන් ම පැහැදිලි ව නිර්මාණය කර තිබීම. (Iskoola Potha)
  2. මයික්‍රොසොෆ්ට් වර්ඩ් වැනි වදන් සැකසීමේ (Word Processing) මෘදුකාංග සමග මනා ව ක්‍රියාත්මක වීම. උදාහරණයක් ලෙස ඔබ මයික්‍රොසොෆ්ට් වෙතින් සිංහල භාෂාව සඳහා සොදුපත් මෙවලම් (Proofing Tools) බාගත කරගත් විට ඔබ යතුරු ලියනය කරන වචන වල හරි-වැරදි පෙන්වා දේ. (ඉංග්‍රීසි භාෂාවේ මෙන් යටින් රතු පැහැති ඉරක් ඇඳීමෙන්).
  3. වර්ඩ් මත මෙන් ම බොහෝ ස්ථාන වල සිංහලෙන් යතුරු ලියනයට හැකියාව ලැබේ. ඔබට ෆේස්බුක් මත, වින්ඩෝස් හි ගොනුවකට (Folder) හෝ ලිපියකට (File) සිංහලෙන් නමක් දීමට හැකියාව ලැබේ.
  4. එසේ යතුරු ලියනය කළ සිංහල වචන නවතම ටැබ්, ජංගම දුරකථන ආදී වෙනත් තාක්ෂණික උපකරණ සමග ගැටළුවකින් තොර ව ක්‍රියාත්මක වේ. (සැ.යු. - යල් පැන ගිය උපකරණ සමග ක්‍රියාත්මක නොවේ.)
  5. ඔබට ෆොන්ට් සෙවීමට සිදු නොවේ.
මෙම කරුණු නිසා ඕනෑ ම කෙනෙකුට කාර්යාලීය කටයුතු හෝ පෞද්ගලික කටයුතු සඳහා යුනිකෝඩ් ක්‍රමයට මාරු වීම උචිත යැයි සිතමි. නමුත් ග්‍රැෆික් ඩිසයින් කරන අයට මෙම ක්‍රමය සාර්ථක නොවන එක් හේතුවක් නම් එම මෘදුකාංග සමහරක් යුනිකෝඩ් ක්‍රමයට අනනුකූල වන බැවිනි.


No comments:

Post a Comment